මෙය සදුන් විසින් නිර්මාණය කරන ලද්දකි

සදුන් ඉලංකෝන්,දෙණිකේ ද්වීතික පාසල ,12-A ශ්‍රේණිය

මෙය සදුන් විසින් නිර්මාණය කරන ලද්දකි

සදුන් ඉලංකෝන්,දෙණිකේ ද්වීතික පාසල ,12-A ශ්‍රේණිය

මෙය සදුන් විසින් නිර්මාණය කරන ලද්දකි

සදුන් ඉලංකෝන්,දෙණිකේ ද්වීතික පාසල ,12-A ශ්‍රේණිය තික පාසල

මෙය සදුන් විසින් නිර්මාණය කරන ලද්දකි

සදුන් ඉලංකෝන්,දෙණිකේ ද්වීතික පාසල ,12-A ශ්‍රේණිය

මෙය සදුන් ඉලංකෝන් විසින් නිර්මාණය කරන ලද්දකි

සදුන් ඉලංකෝන්,දෙණිකේ ද්වීතික පාසල ,12-A ශ්‍රේණිය

Tuesday, January 28, 2014

උතුරු මැද පළාත -- වැඩිදුර කියවීම සදහා READ MORE භාවිතා කරන්න --


  • පුෂ්පය: ඇහැළ
  • උද්භිද විද්‍යාත්මක නාමය : Cassia Fistula(L)
  • කුලය: Febacae

ඇසළ මාසය හා බැඳුණු ඇහැළ මල් ඉතා අලංකාර මල් විශේෂයක් ලෙස හැඳින්විය හැකිය. "Showers of Gold" යනුවෙන් ඉංග්‍රීසි බසින් මෙ‍ම මල් හඳුන්වන අතර දෙමළ බසින් "Tirukkontai"ලෙස දක්වයි. මෙම ශාකයේ ස්වභාවය ගත් විට සාමාන්‍යයෙන් මීටර පහක් පමණ උස මධ්‍යම ප්‍රමාණයෙන් වැඩෙන ශාකයකි. හොඳින් වැඩුණු ශාකයක පොකුරු ආකාරයෙන් වැඩුණු මල් රාශියක් දක්නට ලැබේ. මේවා පහතට නැවී මල් කිනිති ආකාරයෙන් දිස් වේ. මල් තද කහ පැහැති වන අතර පෙබරවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ මල් හට ගනී. ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ බහුලව දක්නට ලැබෙන ඇසළ ශාකය දකුණු සහ නැගෙනහිර ආසියාවට ආවේණිකය. ඉන්දියාව, පිලිපීනය, ජාවා, මැලේසියාව යන රටවල ද ඇසළ ශාකය දක්නට ලැබේ. ඇසළ ශාකය ගෘහස්ථ වගාවේ දීත්, උද්‍යාන අලංකරණයටත් බෙහෙවින් උපයෝගී කර ගනී. සංස්කෘතික වශයෙන් ද මෙම ශාකයට විශේෂ ස්ථානයක් ඇත. ඇසළ පෙරහැරේ කප් සිටුවීමේ මංගල්‍යට ඇසළ ගස භාවිත කරයි. සිංහල මාස ක්‍රමයට අනුව ජූලි මාසය ඇසළ මාසය ලෙස නම් කෙරේ. ශාකයේ මුල් සහ කරල් ඖෂධ වශයෙන් උපයෝගී කර ගනී.

වයඹ පළාත -- වැඩිදුර කියවීම සදහා READ MORE භාවිතා කරන්න --



  • පුෂ්පය: ඇට්ටේරිය
  • උද්භිද විද්‍යාත්මකනාමය: Murraya Paniculta(L)Jack
  • කුලය: Rutacea
මෙම ශාකය ඖෂධීය වශයෙන් ඉතා වැදගත් වූවක් ලෙස හඳුන්වයි. ආයුර්වේද බෙහෙත් වට්ටෝරුවල දී සුරබි, සීසප හා යාපුරං යන නම්වලින් හඳුන්වයි. ඉංග්‍රීසි භාෂාවෙන් මෙය "Dharsuubatae Neepasae" යනුවෙන් දැක්වේ. ශාකයේ ස්වභාවය ගත් විට ගස මීටර පහක් තරම් උසට වැඩෙන අතර පඳුරු ස්වභාවයක් ගනී. පත්‍ර දෙහි කොළයක හැඩයට සමාන වන අතර දිලිසෙන සංයුක්ත පත්‍ර වේ. රාත්‍රි සඳ එළියත් සමඟ පිපෙන මෙම මල් සුදු පැහැයෙන් යුක්තය. මෙම ශාක ලංකාවේ පහත රට වියළි කලාපයේ හා අතරමැදි කලාපයේ බහුල වශයෙන් ව්‍යාප්ත වී ඇත. වි‍ශේෂයෙන් ම පහත රට මෝසම් වැසි වනාන්තරවල සහ ගල් කුහරවල වැඩි වශයෙන් දක්නට ලැබේ. ඒ හැරෙන්නට ඉන්දියාව, බුරුමය, ඉන්දුනීසියාව, මැලේසියාව යන ආසියාතික රටවල සහ ඕස්ට්‍රේලියාවේ ව්‍යාප්ත වී ඇත. මෙම ඇට්ටේරිය ශාකයේ ප්‍රයෝජන පිළිබඳ සළකා බලන විට ප්‍රධාන වශයෙන් ගෘහස්ත වගාවට සුදුසු ය. අද වන විට මේවා විසිතුරු බඳුන් වගා ක්‍රමයක් ලෙස අලෙවිය සඳහා යොදාගෙන ති‍බේ. ශාක කඳ ගෘහ කර්මාන්තයේ දී කැටයම් කැපීම, භාණ්ඩ නිෂ්පාදනය යන අංශවලට යොදා ගනියි. ශාක පොතු සුවඳ විලවුන් නිෂ්පාදනය කිරීමටත්, පොත්තේ යුෂ ආහාර ජීර්ණය පහසු කිරීමටත් යොදා ගන්නා ඔසුවක් ලෙස නම් කෙරේ.